ආරුගම්බේ සිදුවීම ගැන ජනතාව කලින් දැනුම්වත් කිරීමේ අවශ්‍යතාවක් නෑ…! – විජිත හේරත්…

October 24, 2024 at 4:17 pm | by emanisa.lk

ආරුගම්බේ මූලික කරගත් සංචාරක කලාපවලට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීම පිළිබඳ ආණ්ඩුවට ජනතාව දැනුම්වත් කිරීමේ අවශ්‍යතාවක් මතු නොවූ බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් පවසයි.

එලෙස ජනතාව දැනුම්වත් කිරීම සඳහා එම සිදුවීම පිළිබඳ ලැබෙන තොරතුරු පැහැදිලිව තහවුරු කරගත් නිශ්චිත තොරතුරු විය යුතු බවයි, ඇමැතිවරයා ප්‍රකාශ කළේ. එසේම එම ප්‍රහාර සඳහා මෙරට ජනතාව ඉලක්ක කර ඇති බවට කිසිදු තොරතුරක් ලැබී නොමැති හෙයින් ජනතාව කලබලයට පත්විය යුතු නැති බව ද විජිත හේරත් පෙන්වා දුන්නේය.

කිසියම් පිරිසක් යම්කිසි කැලඹිලිකාරී තත්ත්වයත් ඇති කිරීමට උත්සාහය කර තිබෙනවාද යන්න පිළිබඳ විමර්හණ ක්‍රියාත්මක බවත් එම ලැබෙන තොරතුරු මත ඉදිරි පරීක්ෂණ කටයුතු සිදුකරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *