ගෝඨාගේ ආණ්ඩුව විනාශ කළේ රාජපක්ෂලා…! – දිලිත්…

October 22, 2024 at 12:13 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ 2019 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කිරීමට රාජපක්ෂ පවුල තුළ කිසිදු කැමැත්තක් නොතිබූ බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ රාජපක්ෂ පවුල ඒ සඳහා එකඟ වන්නේ වෙනත් කිසිදු විකල්පයක් නොතිබූ නිසා බවයි.

හරීන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුව තුළ සර් ෆේල් කියමින් කැම්පේන් කරන විට රාජපක්ෂ පවුලේ පස් දෙනෙකු සහ ඔවුන්ගේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සිටියත් ඊට කිසිදු ප්‍රතිරෝධයක් නොදැක්වූ බව ද හෙතෙම සඳහන් කරයි.

රට තුළ රාජපක්ෂවාදය පිළිබඳ දැඩි විරෝධයක් පැවති අවස්ථාවක නාමල් රාජපක්ෂ ඇමැති ධුර 05ක් ලබා ගත්තේ සිය බාප්පා කෙරෙහි කිසිදු හැඟීමක් නොමැති නිසා බව ද දිලිත් ජයවීර අවධාරණය කරයි.

ඊයේ (21) රාත්‍රී හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමින් දිලිත් ජයවීර මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *