ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති අනුව සැකසෙන මූල්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන්නේ ලබන වසරේ මුල අයවැයක් ඉදිරිපත් කිරීමෙන් පසුව බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.
“අපි දෙසැම්බර් මාසෙ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවා. ඒකෙ තියෙන්නෙ කෙටිකාලීන ආදායම් සහ වියදම් පිළිබඳ වාර්තාවක් පමණයි. නමුත් අපේ ප්‍රතිපත්තිත් එක්ක දීර්ඝ කාලීන මූල්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙන්නෙ අපි ඊළඟ අවුරුද්ද ආරම්භයේ ඉදිරිපත් කරන අයවැයත් එක්ක.
මහා මැතිවරණයෙන් පස්සේ මේ රටේ බොහෝ දේවල් වෙනස් වෙනවා, අලුත් කැබිනට් මණ්ඩලයක් පත්වෙනවා. 25 දෙනෙක්ගේ කැබිනට් මණ්ඩලයක්. එතකොට අලුත් ගමනක් අපට යන්න පුළුවන් වෙනවා. හරිනි අමරසූරිය මහත්මිය, එදාටත් අගමැතිනිය එතුමියම තමයි.”
විජිත හේරත් මහතා මේ බව පැවසුවේ පෙරේදා (19) රාත්‍රියේ කොළඹදී පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.