1956 බණ්ඩාරනායක මහතා සිදුකළ පෙරළිය යළි ප්‍රතිනිර්මාණය කරන බව සර්වජන බලය නායක දිලිත් ජයවීර පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ වර්තමාන ජනාධිපතිවරයා ගමින් පැමිණ එම පුටුවට ගිය ද ඔහුට කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව තහවුරු වී ඇති බවයි.
සද්භාවයෙන් කටයුතු කරන විපක්ෂයක් ලෙස ජනාධිපතිවරයා වැටෙන තුරු බලා නොසිටින බවත් ඔහු වැටුණොත් රට ද වැටෙන බවත් දිලිත් ජයවීර සඳහන් කරයි.
අද (20) හොරණ ප්‍රෙද්ශයේ පැවැති ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.