මේ අවස්ථාවේ එක රැයින් පොල් සිටුවා කැඩීමට වෙලාවක් නැති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂක නලින් හේවගේ මහතා සඳහන් කරයි.
“මේ වෙලාවේ එක රැයෙන් අපිට පොල් ගස් ඉන්දල පොල් කඩන්න වෙලාවක් නෑ. උම්මලකඩ එක රැයින් හදන්න වෙලාවක් නෑ. එක රැයින් හාල් නිෂ්පාදනය කරන්න වෙලාවක් නෑ.
එනිසා යම් ප්රමාණයකට මේ අර්බුද ටිකට අපිට හොඳම උත්තරයක් හොයන්න වෙන්නේ විශේෂයෙන්ම නිෂ්පාදන ආර්ථිකයක් ඇතුලෙම තමයි. ඒකට යම් පොඩි කාලයක් ගතවෙනවා.
ඒක මේ රටේ ජනතාව දන්නවා. ඒවා ජනතාව දැනගත්තට මේ රටේ විපක්ෂයට තියෙනවා තදියමක්. ඒවා ළදරු බොළඳ ප්රකාශ මිස වගකිවයුතු ප්රකාශ නෙවෙයි.”
වෙළඳපොළේ සහල්, පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ප්රතිචාර දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.