හිටපු ජනාධිපතිවරුන්ට නිල වශයෙන් හිමි කිසිදු වරප්‍රසාදයක් අහිමි කර නොමැති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
1986 අංක 04 දරන ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනත අනුව සිය ලිපිය මගින් ඉල්ලා ඇත්තේ හිටපු ජනාධිපතිවරුන් දැනට භාවිත කරන අතිරේඛ වාහන බව ද එමගින් පෙන්වා දෙයි.
ඒ පනත අනුව හිටපු ජනාධිපතිවරයෙකුට වර්තමාන ඇමැතිවරයෙකුට හිමි සියලු වරප්‍රසාද හිමි වන අතර 2010 මැයි 14 වන දින එවක ජනාධිපති ලේකම් ලලිත් විරතුංග එවක අමාත්‍යංශ ලේකම්වරුන් වෙත යවන ලද ලිපියකට අනුව ඇමැති සහ නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ ආරක්ෂාව සඳහා සපයන වාහන සංඛ්‍යාව 03ක් බව ද ප්‍රකාශ කරයි.