බිත්තර මිල යළි ඉහළ දැමීම හරහා ආණ්ඩුව අපකීර්තියට පත් කිරීමේ උස්සාහයක් ක්රියාත්මක බව සමස්තලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුව වහා මැදිහත් විය යුතු බව අවධාරණය කළ ඒ මහතා, මේ වන විට රට තුළ බිත්තර මාෆියාවක් ක්රියාත්මක වන බව ද බිත්තරයක මිල රු.45 දක්වා ඉහළ ගොස් ඇති බව ද කීවේය.
පසුගිය සතියේ බිත්තර මිල අඩු වීම හමුවේ සිය නිෂ්පාදනවල මිල අඩු කිරීම හේතුවෙන් මේ වන විට දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව පෙන්වා දුන් ඒ මහතා, පවතින තත්ත්වය හමුවේ බේකරි කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි ද අනතුරු ඇඟවූයේය.