ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කොට බදු බර අඩු කොට නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තමන්ට බලය ලබා දෙන ලෙස සමගි ජන සන්ධාන නායක, සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලයි.
අනුර දිසානායක ඇතුළු පිරිස ජනාධිපතිවරණයට පෙර IMF සමග සාකච්ඡා කොට බදු බර අඩු කිරීමට පොරොන්දු වුව ද එය මෙතෙක් ඉටු කොට නැතැයි ඔහු පෙන්වා දෙයි.
පාර්ලිමේන්තුවේ බහුතර බලය සිය පක්ෂයට ලබා දුනහොත් එම කටයුත්ත අනිවාර්යෙන්ම ඉටු කරන බව සජිත් ප්‍රේමදාස අවධාරණය කරයි.
එහෙත් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පක්ෂ දෙකක වුව ද එකට වැඩ කිරීමේ කිසිදු ගැටලුවක් නැති බව ද හෙතෙම සඳහන් කළේය.
ඊයේ (17) සමගි ජන බලවේග අවිස්සාවේල්ල ආසන ජන හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.