සඟවා ගෙන සිටින පාස්කු වාර්තා දින 03ක් ඇතුළත රජයට භාරදෙනු… රජය ගම්මන්පිලට දැනුම් දෙයි…!

October 15, 2024 at 12:14 pm | by emanisa.lk

උදය ගම්මන්පිල සතුව ඇති පාස්කු විමර්ශන වාර්තා රජයට භාර දීමට දින තුනක් ලබා දෙන බව ආණ්ඩුවේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් පවසයි.

වගකිව යුතු ආණ්ඩුවක් ලෙස රජය සතු වාර්තාවල කොටස් අඩු වී ඇද්ද අතුරුදන්ව ඇද්ද යන්න ගැන විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද හෙතෙම සඳහන් කරයි.

මෙතෙක් කාලයක් පාස්කු විමර්ශන වාර්තා සඟවා ගෙන සිටීම මගින් ගම්මන්පිල වරදක් කර ඇති බවත් සිය රජය පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටු කරන බවත් විජිත හේරත් අවධාරණය කරයි.

අද (15) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යෙව්දියකු නැගූ පැනයකට පිළිතුරු ලබා දෙමින් ඇමැති විජිත හේරත් මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *