එඩිතර දමිතා අපට විශාල ශක්තියක්… ඇගේ නම කපා හැරීම පිළිගන්න බෑ…! – මුජිබර් රහුමාන්…

October 14, 2024 at 9:12 am | by emanisa.lk

දමිතා අබේරත්න මහත්මියගේ නම සමගි ජන සන්ධානයේ නාම යෝජනා ලැයිස්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

“දමිතා අබේරත්න මහත්මිය ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයට සහ සමගි ජන සන්ධානයට විශාල ශක්තියක් ලබා දුන්නා. ඒ වගේම එතුමිය රටේ පැවති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් නොබියව ඉදිරියට පැමිණ අදහස් දක්වපු කාන්තාවක්.

ඒ නිසා තමයි එතුමියට මෙවර මහ මැතිවරණයේදී නාම යෝජනා ලබාදීමට පක්ෂය තීරණය කරලා තිබුණේ. නමුත් නාම යෝජනා අත්සන් කරලා එතුමියගේ නම කපා හැරීම පිළිගන්න බෑ. එය වැරදි වැඩක්. පක්ෂය විසින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්න මේ වන විට කටයුතු කරලා තිබෙනවා.”

සමගි ජන සන්ධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් මුජිබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *