දමිතා සජබෙට ගත්තොත් මම පොහොට්ටුවට යනවා..! – ජිනා ඇන්ටි….

April 28, 2024 at 2:31 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ ජනතාවට ගාලු මුවදොර විරෝධතා කිරීමේ අයිතිය ලබා දුන්න ද රනිල් වික්‍රමසිංහ පැමිණි වහා අරගලයට පහර දී පළවා හැරි බව අරගල නායිකාවක වන ජිනා ඇන්ටි පවසයි.

රාජපක්ෂ කල්ලිය විසින් වටකරගත් නිසා ගෝඨාභය විනාශ වුව ද ඔහු යහපත් පුද්ගලයෙකු බව ද ඇය පෙන්වා දෙයි.

සමගි ජන බලවේගයට දමිතා අබේරත්න සම්බන්ධ කරගැනීමට තමන් මුල සිට ම එරෙහි බවයි, ජිනා ඇන්ටි ප්‍රකාශ කළේ.

අනුන්ගේ පවුල් කඩා කප්පල් කරන අනුන්ගේ දේපළ හොරකම් කරන දමිතා අබේරත්න නැවත සජබයට එකතු කරගත හොත් තමන් පොහොට්ටුවට යන බව ද ඇය අවධාරණය කරයි.

ඉරාජ් වීරරත්න සමග සාකච්ඡාවකට එකතු වෙමින් ජිනා ඇන්ටි මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *