සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුවේ සිය නම ඇතුළත්ව තිබුණත් තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඔහු පවසා සිටියේ, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ධුරයෙන් තමා ඉවත් කිරීම හේතුවෙන් මෙම තීරණය ගත් බවය.
“මම මෙවර මැතිවරණයේදී සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවේ ඉන්න අපේක්ෂකයෙක්. ඒ වගේම ගම්පහ ආසනයේ අවුරුදු 20ක සිට සංවිධායකවරයා ලෙස කටයුතු කරන්නේ. නමුත් මම මෙවර අපේක්ෂකයෙකු ලෙස සමගි ජන බලවේගයෙන් නාමයෝජනා ඉදිරිපත් කළත්, මම ඡන්දය ඉල්ලීමෙන් වැළකී සිටීමටයි අදහස් කළේ.
සමගි ජන බලවේගය සමග තව දුරටත් කටයුතු කරන්න අකමැති නිසා ඒ ඡන්දය මම වෙනුවෙන් පාවිච්චි කරන්න එපා. අපේ පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ගැන දැඩිලෙස කලකිරිලා කථාකරන්නේ. මට නොමිනේෂන් අත්සන්කරලා පැය 24ක් යනකොට ගම්පහ ආසනයේ මගේ ආසන සංවිධායක ධුරය එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහට වැඩකරපු පුද්ගලයෙකුට මට හොරෙන් ලබා දීලා. එය දැඩි ලෙස කලකිරීමට හේතු වුණා.”