අනුරට ජනාධිපති වෙන්න නොදෙන බව කී ලොහාන් අතුරුදන්…!

October 12, 2024 at 9:18 am | by emanisa.lk

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ද මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ.

අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙවර මහා මැතිවරණයට තරග නොකරන බවයි, ගෑස් සිලින්ඩරය ලකුණින් මහනුවර දිස්ත්‍රික්කය සඳහා නාම යෝජනා භාරදුන් මහින්දානන්ද අලුත්ගමගේ සඳහන් කළේ.

ලොහාන් රත්වත්තේ පසුගිය ජනාධිපතිවරණ සමයේ ප්‍රචාරක කටයුතුවල දී ජනරැලි අමතමින් කියා සිටියේ තමන් දේශපාලනයේ සිටින තුරු අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපති ධුරයට පත්වීමට ඉඩ නොතබන බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *