ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථායිකරණය වී ඇති බවත් 2024 වසරේ ආර්ථික වර්ධනය අපේක්ෂිත ඉලක්ක ඉක්මවා 4.4% දක්වා ළඟා වනු බවත් ලෝක බැංකුව පවසයි.
තීරණාත්මක ව්‍යුහාත්මක සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මත මෙම ධනාත්මක ඉදිරි දැක්ම ගොඩ නැගී ඇති බවයි, ලෝක බැංකුව පවසන්නේ. එසේම කර්මාන්ත හා සංචාරක අංශ මඟින් දැක්වූ දායකත්වය මුල් කරගත් කාර්තු හතරක් පුරා සිදු වී ඇති ආර්ථීකයේ අඛණ්ඩ වර්ධනයත් එහිලා බලපා තිබේ.
කෙසේ වුව ද රටේ සාර්ව ආර්ථික ස්ථායිකරණය රඳා පවතින්නේ සාර්ථක ණය ප්‍රතිව්‍යුහගත කිරීම, මධ්‍ය කාලීන ආර්ථික වර්ධනය වැඩි කිරීම සහ දුප්පත්ත්කම අඩු කිරීම සඳහා ක්‍රියාත්මක කරන අඛණ්ඩ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ මත බව ද ලෝක බැංකුව අද නිකුත් කළ වාර්තාවක් මගින් පෙන්වා දෙයි.