හිටපු ඇමැති 27ක් තවම නිල නිවාස අල්ලගෙන…!

October 9, 2024 at 7:39 pm | by emanisa.lk

හිටපු ඇමතිවරුන්ට ලබා දුන් නිල නිවාසවලින් මෙතෙක් භාර දී ඇත්තේ 14ක් පමණක් බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ පසුගිය රජයේ අමාත්‍යවරුන් වෙනුවෙන් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල නිල නිවාස 41ක් ලබා දුන් බවයි.

ජනාධිපතිවරණය අවසන් වු වහාම ඔවුන්ට අදාළ නිල නිවාස භාර දෙන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දැනුම් දීමක් කර තිබුණි.

එම ජ්‍යේෂ්ඨ නිලධාරියා වැඩි දුරටත් පැවසුවේ දිගින් දිගටම නිල නිවාස භාරදීම පැහැර හරින අයට එරෙහිව නීත්‍යනුකූලව ඉදිරි කටයුතු කිරීමට සැලසුම් කර ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *