හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ඝාතනය කිරීමේ සැලසුමක් පිළිබඳ තහවුරු වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.
“හිටපු විපක්ෂ නායකවරයා ඝාතනය කිරීමේ සැලසුමක් පවතින බවට මැතිවරණ කාලසීමාවේදී යම් ප්‍රචාරයක් තිබුණා. ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලකුත් ලැබී තිබුණා. එම පැමිණිල්ලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් කළා.
එවැනි ඝාතන සැලසුමක් තියෙනවා කියලා විමර්ශනයෙන් කරුණු අනාවරණය වුණේ නැහැ. මැතිවරණ කාලසීමාවේදී ඔහු වෙනුවෙන් අවශ්‍ය ආරක්ෂාව දුන්නා. දැන් එවැනි ආරක්ෂාවක් අවශ්‍ය නැහැ. ඔහුට තිබුණා කිව්ව මරණ තර්ජනය තහවුරු වෙලා නැහැ. පණිවුඩ හුවමාරුවක් විතරයි වෙලා තියෙන්නෙ. කිසිම සංවිධානාත්මක සැලසුමක් කියලා තොරතුරු නැහැ.”
කැබිනට් තීරණ දැනුම් දීම වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවේ දී මේ බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.