මහා මැතිවරණය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ජනතාවගේ ජීවන බර අවම කිරීම සඳහා තීන්දු තීරණ රැසක් ක්‍රියාත්මක කරන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික නලින් හේවගේ මහතා පවසයි.
“වෙනත් දේශපාලන පක්ෂවල පතාක යෝධයෝ විශාල ප්‍රමාණයක් මේ පාර ඡන්දෙ ඉල්ලන්නෙ නෑ. මොකද ඉල්ලන්න ඔවුන්ට ගමට යන්න බෑ. ඉල්ලන කට්ටියටත් වෙන්නෙ අනිවාර්යයෙන්ම පැදුරු කොට්ට අකුළන් ගෙදර යන්න.
ඊගාව මැතිවරණයෙන් මේ දූෂිත පාර්ලිමේන්තුව ඉතාම පිරිසිදු මල් විලක් බවට පරිවර්තනය කරන්න ජනතාව ලහිලහියේ සූදානම් වෙනවා. ලංකාවේ අසිරිමත් පාර්ලිමේන්තුවක් බලාගන්න පුළුවන්.
අපි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා, විශේෂයෙන්ම මේ මැතිවරණය ඉවර වූ සැණින් ජීවන බර සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කරන්න අපි විශාල තීන්දු තීරණ ටිකක් අරගෙන තියෙනවා අපි, ඒ ටික ක්‍රියාත්මක කරනවා.”
නලින් හේවගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.