එක දිගට ඡන්ද පෙරහැරක්… මහ ඡන්දෙට පස්සේ පුංචි ඡන්දේ…!

October 3, 2024 at 4:08 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වූ වහා ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට කටයුතු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පසුගිය අගෝස්තු 22 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට අනුකූලව එම කටයුතු සිදුකරන බවයි.

ශ්‍රී ලාංකික ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රවාදී අයිතීන් සුරැකීම සඳහා සිය කාර්යභාරය මැනවින් වටහා ගෙන කටයුතු කරන බව ද මැතිවරණ කොමිෂන් සභාව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කරයි.

මේ වන විට පළාත් සභා ඡන්දය නොපැවැත්වීම නිසා පළාත් සභා අක්‍රීය වී ඇති අතර එහෙයින් ඉදිරියේ දී පළාත් සභා මැතිවරණය ද පැවැත්වීමට සිදුවනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *