හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ සහ දහම් සිරිසේන අද (03) මව්බිම ජනතා පක්ෂය සමග එක්වූහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි රාජිකා වික්‍රමසිංහ මව්බිම ජනතා පක්ෂයේ කෑගලු දිස්ත්‍රික් සහ දැදිගම සංවිධායකවරිය ලෙස ද හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන පොළොන්නරු දිස්ත්‍රික් සංවිධායක ලෙස ද පත්කර ඇත.
මේ අතර චමිඳු කුමාරසිංහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සම්බන්ධීකාරක ලෙසත්, තක්ෂිල ප්‍රේමසිරි මහනුවර, උඩුනුවර සංවිධායකවරයා ලෙසත් පත්කර තිබේ.
සංජීව සුරවීර මහතා මහනුවර, හේවාහැට සංවිධායකවරයා ලෙසත් තක්ෂිලා සෙනෙවිරත්න මහනුවර, යටිනුවර සංවිධායක ලෙසත් තුසිත තිලංක ජයසිංහ මහතා රත්ගම සංවිධායකවරයා ලෙසත් පත්කර ඇත.