පසුගිය ජනාධිපතිවරණයේ දී අනුර දිසානායකට ඡන්දදායකයන්ගෙන් 42%ක් කැමති වන විට 58%ක් අකමැති වී ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ රනිල් වික්‍රමසිංහ සහ සජිත් ප්‍රේමදාස යම් එකඟතාවකට පැමිණ එම ඡන්දදායකයන් එක කඳවුරකට එකතු කළේ නම් අද ජනාධිපතිවරයා අනුර දිසානායක නොවන බවයි.
එපමණක් නොව ජවිපෙ ජාතික ජන බලවේගය බවට පත්ව සීනුව වෙනුවට මාලිමාව ද රතු වෙනුව ද රෝස ද තෝරා ගනිමින් අලුත් මුහුණු ඉදිරියට දමා දේශපාලන භූමියෙහි වෙනසක් සිදුකළ බවයි.
එහෙත් සජබ ගෝඨාභය ආණ්ඩුව විනාශ කළ කණ්ඩායම් ළං කර ගැනීම වැනි වැරදි තීන්දු තීරණ ගැනීම ද එම පරාජයට හේතු වූ බවයි.
නෙත් fm නාලිකාව සමග සාකච්ඡාවකට එකතු වෙමින් හර්ෂ ද සිල්වා මේ බව කීය.