රමාල් තෙවෙනි වරටක් ලංගම සභාපති පුටුවට…!

October 3, 2024 at 11:00 am | by emanisa.lk

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති ධුරයට රමාල් සිරිවර්ධන මහතා පත්කර තිබේ.

ඒ මහතා මීට පෙර අවස්ථා දෙකකදී ලංගම සභාපතිවරයා ලෙස කටයුතු කර ඇති අයෙකි. ඒ, නිමල් සිරිපාල ද සිල්වා සහ අර්ජුන රණතුංග යන හිටපු ප්‍රවාහන අමාත්‍යවරු යටතේය.

අමාත්‍ය විජිත හේරත් මහතා විසින් අදාළ පත්වීම් ලිපිය ඊයේ (02) රමාල් සිරිවර්ධන මහතා වෙත භාරදී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *