ආර්ථිකය හිතුවාටත් වඩා හොඳට නැගිටිනවා… IMF ඉලක්කත් ඉක්ම ගිහින්…! – ධනනාත් ප්‍රනාන්දු…

October 2, 2024 at 4:19 pm | by emanisa.lk

අපේක්‍ෂා කළ මට්ටමට වඩා රටේ ආර්ථිකය යහපත් දිශාවට ගමන් කරමින් ඇතැයි ඇඩ්වකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.

ඔහු කියා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්‍ෂා කළ මට්ටමටත් වඩා රටේ ආර්ථිකය වර්ධනය වෙමින් ඇති බවයි.

මේ වසරේ 4.9%ක වර්ධනයක් අත්කර ගෙන ඇත්තේ ආර්ථිකය දැඩි ලෙස සංකෝචනය වූ 2023 වසරට සාපේක්ෂව නිසා මෙම සංඛ්‍යා පිළිබඳ සැලකිලිමත් විය යුතු බවයි, ඔහු අවධාරණය කළේ.

ඒ නිසා ආර්ථිකය වර්ධනය වුව ද 2018-2019 කාලයේ තත්ත්වය අත්පත් කර ගැනීමට තව කලක් ගතවනු ඇති බව ද ධනනාත් ප්‍රනාන්දු මහතා පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *