මඟුලේ වැඩ දැන් අහවර ඇති… අර්ජුන් මහේන්ද්‍රන් ඉක්මනින් ගේනවා…! – විජිත හේරත්..

October 2, 2024 at 8:48 am | by emanisa.lk

රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මහජන ආරක්ෂක අමාත්‍යාංශය මගින් දැනටමත් ආරම්භ කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසයි.

“අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ මඟුල් ගෙදර කටයුතු දැන් ඉවර ඇති. ඒ නිසා ඉක්මනින් ගෙන්වා ගන්න පුළුවන් වෙයි.

රනිල් වික්‍රමසිංහ මහත්තයත් දැන් ජනාධිපතිවරයා නෙවෙයි. ඒ නිසා ඔහුට දැන් මුක්තිය නෑ. ඒ නඩුව ඇත්තටම ඉදිරියට ගියෙ නැත්තේ ව්‍යවස්ථාවෙ තියෙන මුක්තියේ බලය පාවිච්චි වෙලා.

දැන් අපට එතුමාව අධිකරණය හමුවට කැඳවන්න බලය තියෙනවා. අපි ඉස්සරහට බලමු.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *