පොරොන්දු වුණ විදිහට ඩඩ්ලිගේ හාල් මාෆියාව බිඳින්න… ජනපතිට ඉල්ලීමක්…!

September 30, 2024 at 7:59 pm | by emanisa.lk

ඩඩ්ලි සිරිසේන හදිසියේම සහතික මිලට සහල් ලබා දීමට ඉදිරිපත් වුව ද ඔහු ඊට පෙර පාලන මිල ඉක්මවා සහල් අලෙවියෙන් අසීමිත ලාභ ලැබීමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි පවසයි.

“ඩඩ්ලි සිරිසේන අද මේ රටේ සහතික මිලට සහල් දෙන්න පුළුවන් කියන කොට පාරිභෝගික සේවා අධිකාරිය මෙච්චර කල් නිදාගෙන ද හිටියේ. අනුර කුමාර දිසානායක මහතා සහල් මිල ගැන පාර්ලිමේන්තුවේ කතා කළ වාර අනන්තයි, අප්‍රමාණයි.

දැන් ඔබ මේ රටේ ජනාධිපති. දැන් ඔබට පුළුවන් මේ රටේ මෙච්චර කාලයක් මේ රටේ ජනතාවගේ රුපියල් කෝටි ගණනක් ගසා කෑ හාල් මාෆියාවට විරුද්ධව යම් තීන්දුවක් ගන්න.”

අද (30) මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *