ආර්ථිකය ස්ථාවරයි.. උද්ධමනය ඍණ වෙයි…!

September 30, 2024 at 4:09 pm | by emanisa.lk

2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වී කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසය සඳහා -0.5% ක් දක්වා අඩු වී තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ජනලේඛන සහ සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මේ බව දැනුම්දී තිබේ.

2024 සැප්තැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය) -0.3% දක්වා අඩු වී ඇති අතර 2024 අගෝස්තු මාසයේ දී එය වාර්තා වුයේ 0.8%ක් ලෙසය.

එමෙන්ම, 2024 සැප්තැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය -0.5%ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 අගෝස්තු මාසයේ දී 0.4%ක් ලෙස වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *