ශිෂ්‍යත්ව විභාගය නැවත පැවැත්වීමක් නෑ… විශේෂඥ කමිටුව දුන් නිර්දේශය මෙන්න…!

September 30, 2024 at 10:49 am | by emanisa.lk

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයක් පිටවීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත් කළ විශේෂඥ කමිටුව සිය නිර්දේශ ඉදිරිපත් කොට ඇති බව අධ්‍යාන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසයි.

ඔවුන්ගේ නිර්දේශය වී ඇත්තේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වා පිටවූයේ යැයි කියන ප්‍රශ්න තුන සඳහා සියලු සිසුන්ට සම්පූර්ණ ලකුණු ලබාදීමය.

එම විභාගය නැවත පැවැත්වීම ගුරුවරුන්ට දෙමාපියන්ට මෙන්ම දරුවන්ට ද විශාල මානසික වධයක් බව එම විශේෂඥ කමිටුව වැඩි දුරටත් නිර්දේශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *