පහේ ශිෂ්‍යත්වය අහෝසි කළ යුතුයි…! – මෛත්‍රී…

December 5, 2023 at 3:52 pm | by emanisa.lk

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අද (05) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය ශිෂ්‍යත්ව විභාගය අවසානයේ සිසුන් 99%ක්ම හඬා වැටුන බවත් දරුවන් මෙන්ම දෙමාපියන්ද ප්‍රශ්න පත්‍රය දරුවන්ට ලිවීමට අපහසු බවත් චෝදනා කළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

ලොව දියුණු රටවල පවතින අධ්‍යාපනය සමග සසඳන කල 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කළ යුතු විභාගයක් බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *