පසුගිය ජනාධිපතිවරණය අනුව සිය පක්ෂයට හිමි වන්නේ එක මන්ත්‍රී ධුරයක් පමණක් බව හිටපු පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ පවසයි.
කෙසේ වුව ද ඉදිරි මහා මැතිවරණයේ දී එම ආසන ප්‍රමාණය වැඩි කර ගැනීමට වැඩපිළිවෙළ දියත් කරන බවයි, ඔහු ප්‍රකාශ කළේ.
අද (28) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුව අමතමින් ඉන්දික අනුරුද්ධ මේ බව කීය.