තමන්ට ලැබුණු වාහනය කලින් ම භාර දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රෙස්න පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ ජනතාව දේශපාලකයින් කෝටි ගණනින් හම්බ කරන දූෂිතයන් යැයි හංවඩු ගැසුව ද තමන්ට කියා වාහනයක් පවා නොමැති බවයි.
තමා දැනට භාවිත කරන කුඩා රථය සිය මිතුරෙකුට අයත් එකක් බව ද මන්ත්‍රීවරයා කීය.
අද (26) කොළඹ පැවැති සාකච්ඡාවකට අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එස්.එම්. චන්ද්‍රෙස්න මේ බව සඳහන් කළේය.