මාලිමාණ්ඩුව මහ මැතිවරණෙන් ගන්න ඡන්ද ගැන එස්.බීනේ අනාවැකියක්…!

September 26, 2024 at 5:27 pm | by emanisa.lk

මාලිමාණ්ඩුව ඉදිරි මහ මැතිවරණයේ දී ඡන්ද ලක්ෂ හැටපහක් ලබාගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි.

කොළඹ දී මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණය ජයගත් පක්ෂයට ඊළඟ මහ මැතිවරණයේදී වාසි අත්වන බව කී දිසානායක මහතා ඒ වාසිය මෙවර ජාතික ජන බලවේගයට ලැබෙනු ඇති බව ද සඳහන් කළේය.

ප්‍රධාන පක්ෂ එකට එක් වී මහ මැතිවරණයේදී තරඟ කළහොත් ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමට හැකි වනු ඇති බව එස්.බී දිසානායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

ජනාධිපති අනුර දිසානායක මිනිසුන්ගේ බලාපොරොත්තු ඉටුවන දිශාවකට රට ගමන් කරවීමට හැකිවනු ඇති බව ද එස්.බී දිසානායක මහතා සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *