රුපියල වේගයෙන් ශක්තිමත් වෙයි..ඩොලරයක් රු. 295යි…!

September 26, 2024 at 5:15 pm | by emanisa.lk

ශ්‍රී ලංකා මහ බැංකුව අද (26) දින නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.80 ක් සහ විකුණුම් මිල රු. 304.91 ක් ලෙසින් වාර්තා වී තිබේ.

මේ අතර ඩොලරයේ මධ්‍ය අගය අද දින වාර්තා වන්නේ රු. 301.75 ක් ලෙසිනි. මෙම අගය පසුගිය සැප්තැම්බ් 23 දින වන විට රු. 304.88 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2024 සැප්තැම්බර් 20 දක්වා කාල සීමාව තුළ ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට එරෙහිව 6.4%කින් අතිප්‍රමාණය වී ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *