අනුරට රට ඉදිරියට අරන් යන්න පුළුවන්…! – මහින්ද…

September 25, 2024 at 9:35 am | by emanisa.lk

ජනාධිපති ධූරයට පත් වූ අනුර කුමාර දිසානායකට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (23) දින ශ්‍රී ලංකා ප්‍රධාන කාර්යාලයේ පැවති සාකච්ජාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

ඒ, රට ඉදිරියට කරගෙන යාමේ හැකියාවක් වත්මන් ජනාධිපතිවරයා වෙත හැකිවයවක් තිබේද යන්න මාධ්‍යවේදියෙකු කළ විමසීමට පිළිතුරු දෙමින් රාජපක්ෂ මහතා ඒ බව පැවසුවේය.

එමෙන්ම ජනමතය පිළිගත යුතුව ඇති බවත් ඉදිරි මහ මැතිවරණයට පක්ෂයක් ලෙස ඉදිරිපත් වන බවත් රාජපක්ෂ මහතා එහි දී සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *