පහේ ශිෂ්‍යත්වය නැවත පැවැත්වීමේ සූදානමක්…!

September 20, 2024 at 4:14 pm | by emanisa.lk

5 වසර ශිෂ්‍යත්ව විභාගය නැවත වතාවක් පැවැත්වීමට සිදුවිය හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පවසයි.

මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට පරීක්ෂණවලින් අනාවරණය වුවහොත් එම තීන්දුව ගැනීමට සිදුවින බවයි, ඇය අද (20) සඳහන් කළේ.

“සැප්තැම්බර් මස 15 වනදා 5 වසර ශිෂ්‍යත්වය විභාගය පැවැත්වුවා. එහි ප්‍රශ්න පත්‍රයක් පිටවී ඇති බවට කරුණු හෙළිවීමත් සමග විභාග දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් සිදු කළා.

ඒ මූලික පරීක්ෂණ වාර්තාවත් සමග අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැන් පරීක්ෂණ සිදුකරනවා. ඒ අනුව පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමා සහ අමාත්‍යතුමා උපදෙස් දුන්නා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *