රාජ්‍ය නිලධාරීන් 09ක් මැතිවරණ රාජකාරීවලින් නෙරපයි…!

September 20, 2024 at 8:24 am | by emanisa.lk

ජනාධිපති ධුර අපේක්ෂකයින් ප්‍රවර්ධනය කිරීම හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් 9දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත්කර තිබේ.

අපේක්ෂකයින් ප්‍රවර්ධනය කරන බවට විදුහල්පතිවරු නවදෙනෙක්, නියෝජ්‍ය විදුහල්පතිවරයෙක්, ගුරුවරුන් සිව් දෙනෙක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්, සමෘද්ධි කලමනාකරුවෙක් සහ වෛද්‍යවරුන් තුන්දෙනෙක් ඇතුළු රාජ්‍ය නිධාරින් 19 දෙනෙකු පිළිබඳව හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය වෙත පැමිණිලි ලැබී තිබුණි.

දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි එම්. පී. සුමනසේකර මහතා පැවසුවේ අවස්ථා කිහිපයකදී සිදුකළ විමර්ශනවලින් අනතුරුව එම නිලධාරීන් 19 දෙනා අතුරින් නිලධාරීන් 9දෙනෙකු මැතිවරණ රාජකාරිවලින් ඉවත් තිරිමට පියවර ගෙන ඇති අතර අදාළ පුරප්පාඩු ද මේ වන විට සම්පූර්ණ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *