රෝහණ විජේවීර පණ පිටින් පිච්චූ ගහලයා මාලිමා වේදිකාවේ පොල්තෙල් පහන් දල්වනවා…!

September 15, 2024 at 7:26 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරට වෙඩි තබා සිරුර පණ පිටින් ආදාහනාගාරයට විසි කිරීමට අණදුන් මේජර් ජනරාල් ආශෝක තෝරදෙණිය ජවිපෙ රැස්වීමක ප්‍රධාන ආරාධිතයා ලෙස පොල්තෙල් පහන දල්වනු තමන් දුටු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ඉන්ද්‍රානන්ද ද සිල්වා පවසයි.

“කවුද මේ මේජර් ජනරාල් ආශෝක තෝරදෙණිය? රෝහණ සහෝදරයාට පිස්තෝලෙන් වෙඩි තියලා, ආදාහනාගාරෙට විසිකරද්දි, බැම්මේ වැදිලා බිම වැටිලා කෙඳිරි ගානකොට තොපිට වැඩක් කරන්න බැරිද කියලා කෑ ගහලා රෝහණ සහෝදරයා පණ පිටින් ආදාහනාගාරයට විසි කළ ගහලයා.

මම තොගේ නමත් එක්ක කියනවා, පුළුවන් නම් දාපන් මට නඩු. එතන ඡායාරූප ගත්තු මිනිහා මම. මම ලෑස්තියි උසාවියක් ඉදිරියේ උඹට මුහුණ දෙන්න. එදා රෝහණ සහෝදරයාගේ සිරුර පණ පිටින් ආදාහනාගාරයට විසි කළ එකාට අද පුළුවන් ජේවීපී රැස්වීමේ ප්‍රධාන ආරාධිතයා විදිහට ඇවිත් පොල්තෙල් පහන දල්වන්න. තොපේ හෘද සාක්ෂිය කුණු වෙලාද?

88-89 කාලේ පරම්පරාවක් මහ පාරේ මරලා දැම්මේ යුක්තිය ඉල්ලපු මිනිස්සු. අසාධාරණයට විරුද්ධව නැගී සිටි පරම්පරාවක්. උන්ට සාධාරණය ඉටු නොකළ තොපි අද ඒ ගහලයොත් එක්ක එකට වේදිකාවල ළගිනවා. සමහරු අපෙන් අහනවා මාලිමාවට මේ ජනාධිපතිවරණයේදී සහය නොදෙන්නේ ඇයි කියලා. සහය දෙන්න තිබුණා රේදද ගලවලා ගිහිල්ලා. එදා රෝහණ විජේවීර සහෝදරයාගේ ඝාතනය ලෝකයට කියලා අවුරුදු අටක් හිරේ ලැග්ග මට තෝරදෙණිය එක්ක එකට වේදිකාවේ ඉන්න බෑ.”

ජන අරගල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්ෂක නුවන් බෝපගේට සහාය පිණිස පැවැත් වූ ජනහමුවක් අමතමින් ඉන්ද්‍රානන්ද ද සිල්වා මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *