ඉදිරි ජනාධිපතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට ලංකාවට පැමිණීමට නියමිතව සිටි විදෙස්ගතව සේවය කරන දේශප්‍රේමීන් විශාල අර්බුදයකට මුහුණ දී ඇතැයි ජාතික ජන බලවේගයේ විධායක සභික විජිත හේරත් පවසයි.
ඒ, රට මුහුණ දී ඇති විදේශ ගමන් බලපත්‍ර සහ වීසා ගැටලු නිසා බවයි, ඔහු සඳහන් කළේ.
ඡන්දය ප්‍රකාශ කිරීමට ලංකාවට පැමිණීමට සූදානමින් සිටි විශාල පිරිසක් වීසා ලබා ගැනීමේ සහ විදේශ ගමන් බලපත්‍ර අලුත් කර ගැනීමේ ගැටලුවකට මුහුණ දී ඇති බව ද හෙතෙම පෙන්වා දෙයි.
ආණ්ඩුව හිතාමතා මෙම අර්බුදය උත්සන්න වීමට ඉඩ හරින්නේ දැයි සැකයක් පවතින බව ද විජිත හේරත් සඳහන් කරයි.
අද (09) කොළඹ දී මාධ්‍ය හමුවක් අමතමින් විජිත හේරත් මේ බව කීය.