ජනපති සටනට ඩුබායි පාතාළයෙන් සල්ලි මළු… ‘යුක්තිය’ නවතන්න අන්තිම තුරුම්පුවත් අදී..!

September 8, 2024 at 9:46 am | by emanisa.lk

මෙවර ජනාධිපතිවරණ උණුසුමත් සමග දේශීයව සහ විදේශීයව මෙරට ක්‍රියාත්මක වන පාතාල කණ්ඩායම් තම හිතවාදී දේශපාලනඥයන්ගේ ජනාධිපති අපේක්ෂකයාගේ ඡන්ද සටනට ප්‍රවිෂ්ඨ වී ඇතැයි බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

අමාත්‍ය ටිරාන් අලස් යටතේ ක්‍රියාත්මක වන පාතාළ මර්දන යුක්තිය මෙහෙයුම ඔවුන්ට විශාල හිසරදයක් බවට පත්ව ඇති අතර ආණ්ඩු මාරුවකින් එම මෙහෙයුම අඩපණ කිරීම පාතාළයේ අරමුණ වී තිබේ.

මේ වන විට ඩුබායි ඇතුළු රටවල වෙසෙන මෙරට පාතාල ප්‍රබලයන් අතරින් 42 කට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබේ. ඔවුන් මෙරටට ගෙන්වන මෙහෙයුම් නවත්වා ගැනීම සඳහා තමන්ට අවශ්‍ය අපේක්ෂකයකු කරළියට ගෙන ඒමට පාතාල කල්ලි සැලසුම් කර ඇති බවද හෙළි වී තිබේ.

ප්‍රතිවිරුද්ධ කල්ලිවල සාමාජිකයන් ඝාතනය කරමින් කළ ඝාතන රැල්ලට විරාමයක් දී මෙම කල්ලි මෙවර ජනාධිපතිවරණයට පෙනී සිටින ප්‍රධාන අපේක්ෂකයන්ට සහය දැක්වීමේ මෙහෙයුමක් අරඹා ඇතැයි හෙළි වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *