රණවිරුවන් පාවා දෙන කොමිසම පරදන්න සියල්ල කරනවා…! – දිලිත් ජයවීර…

August 29, 2024 at 8:01 pm | by emanisa.lk

ත්‍රස්තවාදය පරාජය කොට රට එක්සේසත් කළ රණවිරුවන් රැක ගැනීම සඳහා සිය ජීවිත කාලය ත තුළ කළ හැකි සියල්ල කරන බව සර්වජන බලය ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ පටු දේශපාලන වාසි උදෙසා ජාතියේ පවට උපන් දේශපාලන කණ්ඩායම් එම රණවිරුවන්ට සුද්දන් ලවා දඬුවම් කරවීමට සූදානම් වන බවයි.

සැබවින්ම සත්‍ය සෙවීමට කොමිසමක් අවශ්‍ය වන්නේ සිය පටු වාසි උදෙසා රණවිරුවන් පාවා දෙන කල්ලිවලට එක දවසේ රැස්වීම් තුනක් පැවැත්වීමට සල්ලි දෙන්නේ කවුදැයි සෙවීමට බව ද දිලිත් ජයවීර අවධාරණය කරයි.

ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ 130 වන පිටුවේ සත්‍ය සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පුළුල් කිරීම යනුවෙන් සඳහන්ව ඇති බවත් මුදල් අවශ්‍ය නම් රණවිරුවන්ට දඬුවම් කරන බව පොතක අච්චු ගසා බෙදා හැරිය යුතු බව පැවසීමට තරම් එම බලවේග බලවත්ව ඇති බවත් හෙතෙම සඳහන් කරයි.

පන්සලේ බෝධි පූජාවක් තබා දෙමාපියන්ට වැඳ දරුවන් සිඹ යුද්දෙට ගිය රණවිරුවන් කිසි දිනක යුද අපරාධ සිදුනොකළ බවත් දිලිත් ජයවීර පෙන්වා දෙයි.

සත්‍ය සෙවීමේ කොමිසන් සභා මගින් ආරක්ෂක හමුදා පාවා දීමේ මෙහෙයුම පරාජය කිරීම සඳහා සර්වජන බලය සහ ජාතික සංවිධාන 65ක් අතර ගිවිසුමක් අත්සන් කිරීමේ උත්සව අවස්ථාව අමතමින් අද (29) නුගේගොඩදී දිලිත් ජයවීර මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *