රුපියල් කෝටි ගණනක් වතුරේ… ජනාධිපති අපේක්ෂකයන් 19ක් අතුරුදන්..!

August 26, 2024 at 2:50 pm | by emanisa.lk

මෙවර ජනාධිපතිවරණයට තරඟ කරන අපේක්ෂකයන් 19 දෙනකු මෙතෙක් කිසිදු ප්‍රචාරක කටයුත්තක් ආරම්භ කර නොමැති බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) පවසයි.

එහි විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක සඳහන් කළේ, මෙම අපේක්ෂකයන් ජනාධිපතිවරණ ඡන්ද විමසීමට අදාළව එකදු රැස්වීමක්වත් මෙතෙක් පවත්වා නැති බවයි.

ජනාධිපතිවරණයේ දී ඡන්ද පත්‍රිකා මුද්‍රණය ඇතුළු කටයුතු සඳහා එක් අපේක්ෂකයකු වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාව රුපියල් කෝටියක්, කෝටි එකහමාරක් පමණ වැය කරන බව ද ඔහු කීවේය.

මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෝ 39 දෙනකු ජනාධිපති ධුරය සඳහා තරග කරති. මෙම අපේක්ෂකයන්ගෙන් එක් අයකු පසුගියදා මිය ගියේය. ප්‍රචාරක කටයුතු මෙතෙක් සිදු නොකළ අපේක්ෂකයන් අතර, ස්වාධීනව තරග කරන අපේක්ෂකයෝ දස දෙනකු පමණ සිටින බවද මංජුල ගජනායක ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *