ලංකාව අනාගමික රාජ්‍යයක් කී මාලිමාකාරයෝ අද බුදු දහම රකින හැටි කතා කරනවා…!

August 25, 2024 at 7:18 pm | by emanisa.lk

සර්වජන බලය දිදුලන තරුව අනුරාධපුරයට පායන විට දේශපාලන පිංගුත්තරයන්ට තරු පෙනෙන්නට පටන් ගෙන ඇතැයි සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

මේ රට අනාගමික රාජ්‍යයක් යැයි BBC සේවයට කී බිමල් රත්නායකලාට බුදුන් වහන්සේ කොස් ගසකට පිට දුන්නේ නම් කොස් ගෙඩියක්වත් කෑමට නොහැකි වන බව කී නලින් හේවගේලාට අද වන විට ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය අනුව බුදු දහම රකින ආකාරය පිළිබඳ කතා කිරීමට සිදුව ඇති බවයි, මන්ත්‍රීවරයා සඳහන් කළේ.

සජිත් අලි මන්තර කියමින් අලි එළවමින් සිටින බවත් රනිල් වික්‍රමසිංහගේ දේශපාලන ආයු කාලය අවසන් බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

මේ වන තුරුත් ඡන්දදායකයන් 35-40%ක් පමණ සිය ඡන්දය ප්‍රකාශ කරන අපේක්ෂකයා තීන්දු කර නොමැති බවත් එම පිරිස දිලිත් ජයවීර වටා එකතු වනු ඇති බවත් ඔහු අවධාරණය කරයි.

මෙය වෛරය පිරිමසන අවස්ථාව නොව ඔළුව පාවිච්චි කර ඡන්දය පාවිච්චි කර රටම දුකින් මුදවා ගැනීමට අවස්ථාව බවත් විමල් වීරවංශ පෙන්වා දෙයි.

සර්වජන බලය අනුරාධපුර ජන රැලියට අද (25) එකතු වෙමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *