විජේතුංග එද්දී අරලිය මැදුරේ කවිච්චි අල්මාරි ටිකත් නෑ… සජිත් ඇවිත් හොරු අල්ලනවලු…! – එස්.බී.

August 20, 2024 at 6:59 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය පළකිරීම වෙනුවෙන් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් ලබන සතියේ එළිදැක්වීමට නියමිත බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

මැතිවරණ සටනේ ඉදිරියෙන්ම ඉන්නේ රනිල් වික්‍රමසිංහ වන අතර කන්න නැතිව බෙහෙත් නැතිව මිනිස්සු මැරෙද්දි රට බේරා ගත්තේ රනිල් වික්‍රමසිංහ මහතා බව ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.

“වැටුණ ආර්ථිකය කරකවලා ගන්න රනිල් වික්‍රමසිංහ මහතාට පුළුවන් වුණා. රටේ සාමය ඇතිකරන්න රනිල් වික්‍රමසිංහ මහතාට නැවත බලය දෙන්න ඕන.සජිත් ප්‍රේමදාස කියනවා හොරු අල්ලනවා කියලා. විජේතුංග ජනාධිපතිවරයා අරලියගහ මන්දිරයට යද්දී කලුවර කවිච්චි කලුවර අල්මරිවලට වෙච්ච දෙයක් නෑ. ෆොටෝ හොරකම් කරපු එක්කෙනෙක් ඇල්ලුවා. සජිත්ට කියනවා එයාලව මුලින් අල්ලන්න කියලා. කාන්තාවක් බත්තරමුල්ලෙදී හොරසල්ලි මිටි ගානණක් එක්ක අහු වුණා. සජිත්ට කියනවා මුලින් එයාලව අල්ලන්න කියලා.

නාමල් ගැන මට දුකයි. පස්වෙනියාවත් වෙන්න බෑ. මුල ඉඳලම මහින්ද හිටියේ තරඟ කරන්නේ නැතිව රනිල්ට උදව් කරන්න. පව් පුතා ඉල්ලන නිසා උදව් කරන්න වෙනවා. අපි සතුටින් මැතිවරණ ක්‍රියාවලිය කරනවා. මිනිස්සු ආදරයෙන් අපිව භාරගන්නවා. අපි අගමැති දිනේෂ් ගුණවර්ධනගේ මූලිකත්වයෙන් නව සන්ධානයක් හදනවා. අද එහි මූලික කටයුතු කරමින් ඉන්නේ. නව පක්ෂයක් හදමින් ඉන්නවා.
පොදුජන පෙරමුණ ඇතුලු ඔක්කොම එකතුකරගෙන තමයි මේ පක්ෂය හදන්නේ. නව සන්ධානයේ නායකයා අගමැති දිනේෂ් ගුණවර්ධන. සමඟියේ ඡන්ද පදනමක් තියෙන පස් හයදෙනෙක් අපි සමඟ එකතුවෙනවා. රත්නපුරේ මැතිනියකුත් අපි සමග එක්වෙනවා.”

එස්.බී. දිසානායක මේ බව ප්‍රකාශ කළේ, අද (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *