ගෑස් පෝලිම් නැති කිරීමේ පියවරුන් ලෙස කවුරුන් පෙනී සිටියත් එම පෝලිම් නැති කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 400ක ණයක් ලබාගැනීමට කටයුතු කළේ එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි රාජ්‍ය ඇමැති ඩී.වී. චානක මහතා පවසයි.
2022 අප්‍රියෙල් 27 වැනිදා ලෝක බැංකුවෙන් එම ණය මුදල අනුමත කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේ යැයි ද හෙතෙම කීවේය.
“අපිත් එක්ක එකට වැඩ කළ ඇමැතිලටත් අමතක වෙලා කවුද ඇත්තටම පෝලිම් නැති කළේ කියලා. ඒ ගැන කනගාටුයි.
ගෑස් ප්‍රශ්නය වගේම ඉන්ධන හා පොහොර ප්‍රශ්නය විසඳුවෙත් ගෝඨාභය ජනාධිපතිවරයා ඒ ගත්ත ලෝන් එකෙන්. ඒ වගේම ඉන්ධන පෝලිම් නැති කළේ බැසිල් රාජපක්ෂ මහතා මැදිහත් වෙලා ඉන්දියන් ක්‍රෙඩිට්ලයින් එකෙන් ගත්ත මුදල්වලින්.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාත් පෙරේදා ස්තූති කළා ඉන්දියන් ක්‍රෙඩිට්ලයින් එකට අපේ රටේ අර්බුදය සමථයකට පත් කරන්න මැදිහත් වුණාට. ඇත්තට මේ මැදිහත්වීම කළේ බැසිල් රාජපක්ෂ මැතිතුමා.”
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ (19) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.