අද 39ක් ජනාධිපතිකම ඉල්ලුවත් එදා හැමෝම දාලා දුවද්දි භාරගත්තේ රනිල් විතරයි…! – රාජිත සේනාරත්න…

August 17, 2024 at 3:43 pm | by emanisa.lk

අද ජනාධිපතිවරණයට 39 දෙනෙක් ඉදිරිපත් වුව ද එදා ජනපති අගමැති මුදල් ඇමැති පළා යන අවස්ථාවේ කිසිවෙකු රට භාර නොගත් බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

ඒ අවස්ථාවේ විපක්ෂ නායකවරයාට රට භාර ගන්නා ලෙස දැනුම් දුන්න ද ඔහුගේ ආර්ථික උපදේශක හර්ෂ ද සිල්වාගේ උපදෙස් අනුව එම අවස්ථාව ප්‍රතික්ෂේප කළ බවයි, ඔහු ප්‍රකාශ කළේ.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකට රට භාර ගන්නා ලෙස දැනුම් දුන්න ද ඔහු ද එය විවිධ හේතු දක්වමින් ප්‍රතික්ෂේප කළ බව ද රාජිත සේනාරත්න ප්‍රකාශ කරයි.

හිටපු ජනාධිපතිවරයා සරත් ෆොන්සේකාට මෙන්ම පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ආරාධනා කළ ද එය ප්‍රතික්ෂේප කළ බවත් අවසානයේ රනිල් වික්‍රමසිංහ නම් කෙසඟ මිනිසා එය භාරගෙන රට ගොඩගත් බවත් ඔහු ප්‍රකාශ කරයි.

දැන් ජන වරමක් ඉල්ලා රට ඉදිරියට පැමිණ සිටින්නේ එදා හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළ පරිදි රට ගොඩනැඟීමට යෝධ බල යෝධ ශක්තිය උවමනා යැයි ප්‍රකාශ කළ නායකයා බව ද රාජිත සේනාරත්න සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *