එක්සත් ජනරජ පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව එක්සත් ජනරජ පෙරමුණ, සමගි ජන සන්ධානය සමග සන්ධාන ගත වීම අද (14) සිදු විය. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සිදුකළ සාකච්ඡා පාඨලී ඉදිරිපත් කළ ඉල්ලීම් ලබා දීමට නොහැකි නිසා අසාර්ථක වූ බව වාර්තා වෙයි.