ශ්රී ලංකා පොදුජන පෙරමුණු ජනාධිපති අපේක්ෂක ධූරයෙන් ධම්මික පෙරේරා ඉවත් වීම පිටුපස ජනාධිපති රනිල් වික්රමසිංහ සිටින බව වාර්තා වෙයි.
මෙවර පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කලක සිට සූදානම් වූ ධම්මික පෙරේරා එම පක්ෂයේ අපේක්ෂකයා නම් කිරීමට පෙර දින රාත්රියේ හදිසියේ ම ඉල්ලා අස්විය.
ධම්මික පෙරේරා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ නම් ඡන්ද ලක්ෂ 10ක් පමණ ලබා ගැනීමේ හැකියාව පැවති අතර එය රනිල් වික්රමසිංහට අවාසිදායක වීම මෙලෙස බලපෑම් කර ඔහු තරඟයෙන් ඉවත් කර ඇති බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් ප්රකාශ කරයි.