ජාතික ජන බලවේගය වෘකයන් සමග දඩයමේ යන අතර හාවන් සමග දුවමින් රට රවටමින් ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.
එම පක්ෂයේ පුබුදු ජයගොඩ පවසන්නේ ජාතික ජන බලවේගයේ ප්‍රකාශ සහ ක්‍රියාව අතර දැඩි පරස්පරයක් ඇති බවයි.
දේශීය සම්පත් විකිණීමට විරුද්ධ යැයි කියමින් අදානි සමාගම ගොඩනගන මන්නාරම සුළං බලාගාරයට විරුද්ධ යැයි පවසන අතර එම බලාගාරයෙන් පාරිසරික බලපෑම් නැතැයි වාර්තාව හැදූ මහාචාර්ය දේවක වීරකෝන් ජාතික ජන බලවේග විද්‍යා හා තාක්ෂණ සමුළුවට පැමිණ පොල්තෙල් පහන් දැල් වූ බවයි, ඔහු සඳහන් කළේ.
නැගෙනහිර පළාතේ නීති විරෝධී ලෙස ඛනිජ හාරන සමාගමේ ප්‍රධාන උපදේශකවරයා ද අදාළ සමුළුවේ ප්‍රධාන ආරාධිතයකු ලෙස පැමිණි බව පුබුදු ජයගොඩ වැඩි දුරටත් කීය.
රූපවාහිනී වැඩසටහනකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.