නව අධ්‍යාපන ප්‍රතිපත්තිය හකුළා ගන්නැයි අන්තරේ විරෝධතා..!

August 8, 2024 at 10:20 am | by emanisa.lk

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය ඊයේ (07) විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබිණි.

ඒ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රෝඪාව වහා හකුළා ගන්නා ලෙස බලකරමිනි.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රෝඪාව ආණ්ඩුව උත්සහ කරන්නේ නිදහස් අධ්‍යාපන අහිමි කිරීම බවයි, අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලය අවධාරණය කරන්නේ.

නිදහස් අධ්‍යාපන, නිදහස් සෞඛ්‍ය වනසන කොතලාවල ඇතුළු වෛද්‍ය උපාධි කඩ වහා අහෝසි කරන ලෙස ඔවුහු තවදුරටත් ආණ්ඩුවට බලකර සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *