එළඹෙන මහ මැතිවරණයේ දී ශ්රී ලංකා පොදුජන පෙරමුණ අරගල කළ තරුණයන්ට නාම යෝජනා ලබා දීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්රි තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.
“අරගලය වෙලාවේ මේ රටේ හැම දෙනාම කිව්වේ තරුණ නායකයෙකුට මේ රට දෙන්න කියලා… දැන් අපේ පක්ෂය ගත්තත් ඉතාම පිරිසිදු කරපු පක්ෂයක්.
අරගලය නියෝජනය කරපු තරුණයෝ එන්න අපෙන් නාමයෝජනා ගන්න. තරුණයෝ බහුතරයක් ඉන්න පක්ෂයක්, පිරිසිදු කරපු පක්ෂයක් තියන්නේ.”
නෙළුම් මාවත පක්ෂ මූලස්ථානයේදී අද (06) පෙරවරුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.