එස්.එම් චන්ද්‍රසේන වෙනුවන් බැසිල් රාජපක්ෂ කොන්දේසි විරහිත පෙනී සිටිමින් ඔහු අපේක්ෂා කළ තනතුරු තානාන්තර ලබා දීම සඳහා කළ සටනේ ප්‍රතිඵලයක් ලෙස රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර හිත් අමනාපයක් පවා ඇති වුන බවත් නාමල් රාජපක්ෂ පවසයි.
“එදා එස් එම් ඇමතිතුමා වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මැතිතුමා කොන්දේසි විරහිතව පෙනී සිටියා. බැසිල් රාජපක්ෂ මැතිතුමා සහ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතර යම් හිත් අමනාපයක් ඇති වුණා නම් ඒ ඇති වීමට එක් හේතුවක් වුණේ එස්.එම් මැතිතුමාලට අවශ්‍ය තනතුරු තානාන්තර ලබා දෙන්න අපි සටන් කරපු එක.
අපේ හදවත සහ අපේ හිත පිරිසිදුයි… අපි උපරිම කළා. හැබැයි එතුමන්ලා අද ගන්න තීන්දුව එතුමන්ලාගේ තීන්දුවක්. නැවත එන ඕනෑම කෙනෙකුට පක්ෂයේ දොර විවෘතයි. මහින්ද රාජපක්ෂ මහතාගේ සැලුන්දොරෙන් පක්ෂයට එන්න වගේම යන්නත් පුළුවන්.
හම්බන්තොටින් නාමල් රාජපක්ෂ ගියත් දෙවැනි පෙළක් ඉන්නවා හම්බන්තොට දිනන්න. අනුරාධපුරයත් එහෙමයි. පළමු පෙළ ගියොත් බොහොම ආසාවෙන් ඉන්නවා දෙවැනි පෙළක් වගකීම් අරන් පක්ෂය දිනවන්න. පක්ෂයේ යාන්ත්‍රණය බොහෝම ශක්තිමත්.”
නාමල් රාජපක්ෂ මේ බව පැවසුවේ ඊයේ (03) අනුරාධපුරයේ දී පොදුජන පෙරමුණු පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍යයට කරුණු දක්වමිනි.