මාස හයෙන් දූෂණයෙන් තොර රටක් හදනවා…! – දිලිත්…

August 2, 2024 at 11:09 am | by emanisa.lk

සිය පාලනයක් යටතේ මාස හයක උපරිමයකට යටත්ව අපේ රට මුළුමනින්ම දූෂණයෙන් මුදාගැනීමට ප්‍රතිඥා දෙන බව මව්බිම ජනතා පක්‍ෂයේ නායක, ව්‍යවසායක දිලිත් ජයවීර මහතා පවසයි.

කොළඹ හයිඩ් පිටියේදී ඊයේ (1) පැවැති දහසක් සිවිල් සංවිධාන රැස්වන ‘පිරිපුන් දේශයක්’ සමුළුවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.

උපායමාර්ගික වැඩපිළිවෙළකින් තොරව ගමේ දුප්පත් සමෘද්ධිලාභියාගේ ජීවිතයේ වෙනසක් කිරීමට වෙනත් කිසිදු මගත් නොමැති බවත් සම්ප්‍රදායික දේශපාලනය කරමින් අස්වැසුමෙන් ලැබෙන රුපියල් පන්දහස තවත් රුපියල් පන්දහසකින් වැඩි කරනේ යැයි නොකියන බවත් ඔහු කීය.

ජනතාවගේ හිතේ හයියෙන් ඔවුන්ට නැගී සිටිය හැකි ආකාරය කියා දීමට අවශ්‍ය බවත් කුටුම්බයක ආදායම අවම වශයෙන් ලක්‍ෂයක් දක්වා ගෙන යන වැඩපිළිවෙළක් දින වකවානු ඇතිව ජනතාව සමඟ බෙදාගැනීම බලාපොරොත්තු බවත් ජයවීර මහතා පැවසීය.

සිවිල් සංවිධාන සහ දේශපාලන පක්‍ෂ එකතු වී ලබන 4 වැනිදා සිය කඳවුරේ ජනාධිපති අපේක්‍ෂකයා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන වන අතර පුද්ගල බද්ධ දේශපාලනයෙන් ඔබ්බට ගිය වැඩපිළිවෙළක් සමග පුද්ගල නායකත්වයන් මත පිහිටා කටයුතු කළ යුගය අවසන් කළ යුතු බව ද දිලිත් ජයවීර මහතා වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *